ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර අතරතුර අලියෙකු කුලප්පුවීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
කතරගම පොලිසිය පැවසුවේ පෙරහැර ආරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9.00ට මෙය සිදුව ඇත.
එම අවස්ථාවේ පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමේදී තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.


