Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය පාසලක ගුරුවරියකට අධ්‍යාපන චාරිකාවක් අතරතුරදී දිවි අහිමි වෙයි

2 years ago

අධ්‍යාපන චාරිකාවක් අතරතුර ගුරුවරියක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ජනප්‍රිය පාසලක ගුරුවරියක්.

උසස් පෙළ සිසුවියන් කණ්ඩායමක් සමග අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවරට පැමිණි ගුරුවරියක් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මරණයට පත්ව තිබේ.     

මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් කණ්ඩායම මහනුවරට පැමිණ මහනුවර නගරය හා ඒ ආශ්‍රිත විශේෂ ස්ථාන නරඹා ඇති අතර පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සඳහා ගොස් ඇත.

මහනුවර දළඳා මාලිගාව නැරඹීමෙන් අතරතරුව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇය 55 වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.