දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණි.
ඒ, මනෝ ගනේෂන් විසින් සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවමින් ඉකුත් 04 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනමක් නිකුත් කළේය.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය තුළින් වතු කම්කරුවන් හෑල්ලුවට ලක් කර ඇති බවට චෝදනා කරමින් එයට විරෝදය දැක්වීමක් ලෙස මෙම සංවිධානය කර තිබුණි.


