Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරි මැතිවරණවලදී ඇඟිලි පාට කිරීම අවශ්‍ය නොවන බවට ප්‍රකාශයක්

2 years ago

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පවසන අන්දමට මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බවයි.

ඒ අනුව, ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාව නොමැති බවත් ඒ සඳහා යන්නාවූ වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු අවධාරණය කළා.

මින් පෙරදී එක් ඡන්ද දායකයෙක් ස්ථාන දෙකකදී ඡන්දය භාවිත කිරීම යන පදනමින් ඇඟිලි පාට කිරීම භාවිතයට පැමිණිය බවත් පුද්ගල ලියාපදිංචිය පරිගණක ගත වීමෙන් මෙම තාක්ෂණයේ සහායෙන් සමාන නම් හඳුනා ගන්නා බවත් හැඳුනුුම්පත් අංක ආදිය පරීක්ෂාවට ලක්වන නිසා පුද්ගල ඡන්දයක් ස්ථාන දෙකකදී සටහන් වීමට කිසිසේත් ඉඩ නොමැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එබැවින් ඇඟිලි පාට කිරීම පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය බවයි.