අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ ගමන් ගත් පාසැල් ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයෙකු දුම්රියේ ගැටී තුවාල ලබා තිබෙනවා.
ඔවුන් දුම්රිය මාර්ගයේ කතා කරමින් යන විට දුම්රිය ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ එම සිසුන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර අනතුරින් ශිෂ්‍යාවට බරපතළ තුවාල සිදු වී ඇති බවත් ශිෂ්‍යයාට සීරීම් තුවාල පමණක් සිදු වී ඇති බවත් සඳහන්.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශිෂ්‍යයකු හා ශිෂ්‍යාවක බව බව පොලිසිය සඳහන් කරනවා.


