Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුන් හැවිරිදි දරුවෙක් නිවසේ මාලු ටැංකියට වැටී මිය යයි

2 years ago

තුන් හැවිරිදි සිගිති දරුවෙකු නිවසේ මසුන් ඇති කරන ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි කුඩා දරුවෙකුට මෙම ඉරණම අත්ව තිබේ.

පොලීසි පැවසුවේ ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවය.

ජල ටැංකියට වැටීමෙන් අනතුරුව කඩිනමින් කුඩා දරුවා රෝහල්ගත කළද දරුවා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මරණය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.