Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කේ. සුජීවාගේ තත්ත්වය ගැන ජාතික රෝහලෙන් ප්‍රකාශයක්

2 years ago

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා පවසයි.

හදිසි අනතුරු අංශයට ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කාන්තාවගේ කකුළේ තුවාලය බරපතළ වුවත් ඇයගේ තත්ත්වය මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

නමුත් තුවාලය බරපතළ බැවින් තත්ත්වය බරපතළ නොවන බවට ප්‍රකාශ කිරීම අපහසු බවයි ඔහු සඳහන් කරන්නේ.

ක්ලබ් වසන්තගේ බිරිඳට ශල්‍යකර්මයක්