දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
පාසල් වලට සිසුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
අද(09) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් සිදු කළා.
එහිදී ඔහු දැක් වූ අදහස් පහතින්.


