පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත් කළේය.
රාජ්ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුලුවීම,දේපළ අනර්තය යන චෝදනාවලට මන්ත්රීවරයාව වග උත්තර කරුකරමින් පවතින නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මීට පෙරදීද වග උත්තරකාර මන්ත්රීවරයා අධිරණයේ පෙනී නොසිටි අතර,මන්ත්රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරනයේ පෙනී නොසිටියේ ය.


