Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“තාරා දෙව්දුව” යළිත් මෙරටට

2 years ago

එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි.

තාරා දේවී පිළිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රිව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි.

මේ අතර මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.