අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් හදිසි වර්ජනයක් කැඳ වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.
සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීමට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් හෙට දිනයේ දී ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලදාරීන් යොදවා ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටින බවත් සඳහන්.


