ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවයි.
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ආදී රෝග ලක්ෂණ තිබේ නම් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.
මෙම රෝග ලක්ෂණ සහිතව සතියක් පමණ කාලයක් රෝගය සිරුරේ පවතින අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේකීව සිටීම තුළින් ඉක්මනින් රෝගය සුවපත් කරගැනීමට හැකියාව පවතිනවා.
