Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Prasanna Ranathunga - ප්‍රසන්න රණතුංග

වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට යෝජනාවක්

2 years ago

රටේ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා ජනතාව පීඩාවට පත්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

එනිසා ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු   දුම්රියෙන් වැටී මියගිය බවත් ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව වෘත්තීය සමිති නායකයන් තේරුම් ගත යුතු බවත් ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.