Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ ආරංචියක්

2 years ago

බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ වන විට බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් 3000කට පමණ ගුරු පත්වීම් ප්‍රදානය කර ඇති බව සඳහන්.

නමුත්චක්‍රලේඛ ගැටලු හා වෙනත් ගැටලු හේතුවෙන් තවත් උපාධිධාරීන් 1900කට පමණ ගුරු පත්වීම් ලබාදීම ප්‍රමාද වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ එම උපාධිධාරීන් පිරිසට මෙම වසර ඇතුළත සේවයට බඳවා ඉතිරි පිරිස ලබන වසරේ මුල් මාස කිහිපය තුළ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.