අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.


