Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිළධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

2 years ago

පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින් තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

නමුත් පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති බවයි පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

පසුගිය යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්තමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව ඔහු අවධාරණය කර සිටිනවා.