තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 15වැනිදා කැඳවීමට නියමිතයි.
එහි දී පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන්.
ඇය මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.


