Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බූස්ස බන්ධනාගාරය - boossa prison

හීනටියන සංඛගෙන් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට මරණ තර්ජන

2 years ago

පාතාල කල්ලි සාමාජික හීනටියන සංඛ විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන සිදුකර ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම බන්ධනාගාර අධිකාරිවරයාගේ කටුනායක ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ යතුරු පැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසේ සිටි බන්ධනාගාර අධිකාරිවරයාගේ පියා වෙත දුරකථනය ලබා දි ඇත්තේ ඇමතුමක් ඇති බව පවසමින්.

එම දුරකථන ඇමතුමේ රැඳී සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමන් ඩුබායිහි රැඳී සිටින හීනටියන සංක බවත් බන්ධනාගාරයේ රඳවා සිටින සිය සමීපතයන්ට හිරිහැර කළහොත් අධිකාරිවරයා මරා දමන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් කටුනායක පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම බන්ධනාගාර අධිකාරිවරයා බුස්ස බන්ධනාගාරයේ රාජකාරි සඳහා යොමු කර ඇත්තේ මීට මාසකට පමණ පෙර වන අතර ඔහුගේ මෙහෙයවීමෙන් බන්ධනාගාරය තුළ සිදුකළ වැටලීම් මගින් ප්‍රබල ගණයේ අපරාධකරුවන් සතුව පැවති ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට මෙම කාලසීමාව තුළ සමත්ව තිබේ.