අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අතුරුගිරියේ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් විමර්ශනය කළ ආකාරය පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර එයට සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල විය.
කෙසේවෙතත් පොලීසිය පවසන්නේ මාධ්‍ය වෙත නිරාවරණය කරමින් සැකකරුවන්ගෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් මීට පෙර ද චක්‍රලේඛ නිකුත් කර ඇති බවයි.
එවන් පසුබිමක් තුළ පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදෙමින් පොලිස්පතිවරයා විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.


