Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

surendra wasantha perera

ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට ගනී

2 years ago

Update (3.30 pm) : ක්ලබ් වසන්තගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා නිදහස් කරයි

————————————————————————————————————————————————————————————

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායි රටේ රැඳී සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ සුරෙන්ද්‍ර් වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.