Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” – මාකදුරේ මදූෂ්ගේ සොහොන ළඟ දැන්වීමක්

2 years ago

ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

මෙවන් පසුබිමක මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදාර්ශනය කර තිබූ බවට වාර්තා වනවා.

“අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන් එහි සඳහන් කර තිබු බව පැවසෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.