Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් නැවතුමක ගැටී 19 හැවිරිදි තරුණයෙක් මරුට

2 years ago

මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සහකාර සුපවේදියෙකු ලෙස රැකියාව කරන මීපේ ආරච්චිගේ තෙව්නිජදිල්මෙත් නමැති තරුණයෙකි.

කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සූපවේදියෙකු වශයෙන් සේවය ලබාදී රෑ බෝ වූ බැවින් නිවසට නොගොස් ප්‍රධාන සුපවේදියාගේ මොරත්තුඩුව ගෝනදූව නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.