මාස 2කට අධික කාලයක් පුරාවට පැවැති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අද (14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සියල්ලම වෘත්තිය සමිතිවල නායකයින් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ ඒකාබද්ධ කමිටුව අතර ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ යළි සේවයට පැමිණීමට අදාළ වන කොන්දේසි ඇතුළත් කරමින්.
එම කමිටුවේ ප්‍රකාශයකයෙකු සඳහන් කළේ එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව අනධ්‍යයන සේවකයින් සේවයට වාර්තා කරන බවයි.


