Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය නිළි පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම්දීම

2 years ago

කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද (15) පැවසීය.

එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන වැළැක්වීමට මැන්ඩා මූස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා පියුමි හංසමාලු පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 20 වන දා කැඳවීමටද දින නියම වුණි.