Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැබ් රථයක් ගසක ගැටීමෙන් අනතුරක්! අයෙක් මරුට! පහක් රෝහලට!

2 years ago

අද(15) පෙරවරුවේ වැලිකන්ද ප්‍රදේශයේ සිදු වූ කැබ් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැලිකන්ද සිංහපුර මාර්ගයේ සිංහපුර දෙස සිට වැලිකන්ද දෙසට ධාවනය කරන ලද කැබ් රථයක් එහි රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරෙන් සිංහපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කැබ් රථයේ රියදුරු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පො‍ළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.