Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රනිල්ගේ රැළියට ආ බස් රථයට ගල් ප්‍රහාරයක්

2 years ago

පසුගිය ඉරිදා ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැති ජන රැලියට සහභාගි වූ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු පේරාදෙණිය තානායම ආසන්නයේ දී පස්වරු 7.00 ට පමණ රැළිය නිම වී ආපසු පැමිණෙමින් සිටි බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරුව බිඳී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියැදුරු පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගනිමින් සිටි කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

පේරාදෙණිය පොලිසිය විසින් සිද්ධියේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.