සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවය.
ඒ අනුව සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද පෙරවරුවේ රැස් වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.


