මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම ආයතනයේ නිලධාරිනියකට ලිංගික අතවර කිරීමක් සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් මතයි.
අදාළ කාන්තාව කොල්ලූපිටිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සභාපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබිණ.
කෙසේ වෙතත් සභාපතිවරයා ඊට පෙර රටින් පිටව ඇති නිසා ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.


