Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාට අධිකරණයෙන් සිතාසි නිකුත් කරයි

2 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයකුවන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වමින් ඉබි යතුරු දමා අගුළු දැමීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව සඳහන් කරමින් ගොනු කළ නඩුවකට අදාළවයි.

එම නඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල විසින් ගොනුකරන ලද්දකි.

නඩුව ගොනු කරමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කර ඇත්තේ පසුගිය ජුලි 05 වැනිදා අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සඳහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපොළ තුළ සිටියදීම ඊට ඉබි යතුරු දමා අගුළු දැමීමට විත්තිකරු විසින් කටයුතු කර තිබෙන බවයි.

ඒ අනුව, ජුලි 19 වැනිදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ අද (16) සිතාසි නිකුත් කරනු ලැබුවා.