බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසා විනාශ කරමින් ආගම් වලට නිගරු වෙන අයුරින් කටයුතු කල පුද්ගලයෙක් පිළිබඳව වීඩියෝ දර්ශන පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
අඹන්පොල පොලිසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ ගල්ගමුව, අඹන්පොළ, සමගි මාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයාව ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර තරුණයා පොලිසියට පවසා ඇත්තේ තමන් මීට පෙර දේවාලයක් පවත්වා ගෙන ගිය අයකු බවත්, තමන් වසර ගණනාවක සිට ඉතා භක්තියෙන් දෙවියන් යැදීම සිදුකළද ඉන් තමාට කිසිඳු පිහිටක් නොලැබුණු බැවින් මෙලෙස දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට කටයුතු කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයාව මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


