අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ ඊයේ(16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හතලිස් වියැති ධම්මික නිරෝශන නමැති පුද්ගලයෙකි.
2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බවද වාර්තා වෙයි.
ඔහු දිවයිනේ ජනප්‍රියම පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.


