Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

2 years ago

කිලිනොච්චි – පුනරීන් මාර්ගයේදී පුංචි පරන්තන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවන වූ ටිපර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ටිපර් රථය නවත්වන ලෙස පොලීසිය සංඥා කළ ද එහි රියදුරු එය නොතකා ඉදිරියට ධාවන කරමින් පොලිස් නිලධාරීන්ද අනතුරට ලක් කිරීමට උත්සහ කළ බවයි පොලිසිය පවසන්නේ.

මෙම වෙඩි තැබීමෙන් ටිපර් රථයේ ගමන් කළ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තවත් පුද්ගලයෙකු එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුවන් පැමිණි ටිපර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 100 සොයා ගෙන තිබේ.