ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදා ගනිමින්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, රට අභ්‍යන්තරයේ සිදු කර තිබෙන ගමන් වාර සංඛ්‍යාව පිළිබදව හෙළි දරව්වක් අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පුවත්පත හෙළි දරව් කරගෙන තිබෙන ආකාරයට, 2005 සහ 2015 අතර කාල සීමාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යොදා ගනිමින් අභ්‍යන්තර ගුවන් ගමන් 978 ක් සිදු කර තිබේ.
එමෙන්ම සිය පස් අවුරුදු නිල කාලය තුළදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කර තිබෙන ගමන් වාර සංඛ්‍යාව 557 කි.
මෛත්‍රීපාල සිරිසේන මෙම ගුවන් ගමන් 557 මගින් ආවරණය කර තිබෙන දුර ප්‍රමාණය කිලෝ මීටර් 131,277 කි.


