Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා දරුවෙකුට කෲර වධ හිංසා පැමිණ වූ මව ඇතුළු කාන්තාවන් 4ක් අත්අඩංගුවට

2 years ago

දරුවෙකුට පහරදී කෘෘරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳ සිදුකළ විමර්ශන අනුව මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දරුවාට පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණියන් දෙදෙනෙකු සහ පහරදීමට අනුබලදීම සම්බන්ධයෙන් දරුවාගේ මව සහ තවත් මිත්තණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් වයස අවුරුදු 42ත් 78ත් අතර වයස්වල පසුවෙයි.

පොලීසිය සඳහන් කළේ සැකකාරියන් අද (17) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පහරකෑමට ලක්වූ දරුවා පියා භාරයේ මාවනැල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.