Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු බස් අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරිය දින ගණනක් මාරයා සමඟ සටනින් පසු සඳහටම දෙනෙත් පියා ගනී

2 years ago

අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් ජීවිත්කෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයෙ පදිංචිව සිටි එක්දරු මවක් වු හලාවත රෝහලේ නොමේරු ඒකකයේ සේවය කරමින් සිටි 37 හැවිරිදි වෛද්‍යවරියකි.

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබුණේ පසුගිය 04 වනදා උදෑසනය.

අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කළේය.

වෛද්‍යවරියද හලාවත මහ රෝහලේ සේවය සඳහා එම බස් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට මුහුණ දී තිබුණි.

එසේ බරපතළ ලෙස තුවාල ලබා අසාධ්‍යව සිටි වෛද්‍යවරිය ප්‍රතිකාර සඳහා ඇය සේවය කළ හලාවත රෝහලටම රැගෙන විත් තිබු අතර ඇයගේ තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබිණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියට සැත්කම් කිහිපයක් සිදුකර තිබු නමුත් ඇය බේරාගැනීමට නොහැකි වී තිබේ.

ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වු වෛද්‍යවරිය පෙරේදා (15) දින ජීවිතය අතහැර ගොස් තිබිණි.