අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව ධවල මන්දිරය පවසනවා.
මේ වනවිට ඔහු, ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබමින් පවතින බවයි එම මන්දිරය ප්‍රකාශ කළේ.
සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාද එක්ස් සටහනක් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනපතිවරයාට ඉහළ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි.
බයිඩ්න්ගේ මාධ්‍ය ලේකම්වරිය පැවසුවේ බයිඩ්න් සියලු රාජකාරිවලින් ඉවත්ව ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට සැලසුම් කර ඇති බවයි.
81 වන වියේ පසුවන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මීට පෙර දෙවතාවක් Covid ආසාධනය වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


