Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමව සිටි ඥානසාර හිමිට ඇප හිමිවෙයි

2 years ago

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමඟිය කඩ කිරීමේ චෝදනා දෙකකට ඥානසාර හිමියන් වරදකරු කළ මහාධිකරණය ඒ වෙනුවෙන් බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණා.