Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල බිමට සමතලා කළ නගරාධිපතිගේ දඬුවම ලිහිල් කෙරේ

2 years ago

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔවුනට බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඩුවම් සහ දඩ නියම කළා.

එම දඩුවම් නියම කළ ඇති ආකාරය නීතියට පටහැනි බවට විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.