Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාතාලය දැන් ඉතා දුර්වලයි – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

2 years ago

පාතාලයට සම්බන්ධ පුද්ගලයන් 800ක් පමණ පසුගිය මාස 03 තුළ අත්තඩංගුවට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

මේ වන විටත් පාතා ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ හේතුවෙන් මේ වන විට පාතාල කල්ලි කණ්ඩායම් ඉතා දුර්වල තත්වයට පත්ව ඇති බව ඔහු පවසනවා.

ඉතිරි වී සිටින සුළුතර කණ්ඩායම් දුරකථන ඇමතුම් ලබාදී ජනතාව බියවද්දමින් සිටින බවත් විවිධ දැන්වීම් ඇලවීම් වැනි කටයුතු සිදුකරන බවත් පොලිස්පතිවරයා පැවසීය.