කංජපානි ඉම්රාන් මෙරටට රැගෙන ආ පසු නැවත විදේශ රටකට පලා ගියේ කෙසේද යන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ හෙළි කළා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
“කංජිපානි ඉම්රානුයි අපිට අහුවෙලා ඉන්න ගනේමුල්ලේ සංජීවයි එදෙන්නා පැන්න හැටි ඒ දෙන්නාගේ නීතීඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන්. ඒ නීතීඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරන් ගිහින් පැන්නුවේ. දැන් අපි ඒ ගොල්ලන්ව අත්අඩංගුවට ගත්තාම ඒගොල්ලෝ හොඳට කතාව කියනවා. ඒගොල්ලන්ව බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද දුන්නා ඒ ගොල්ලෝ ගෙනිහින් බෝට්ටුවට දැම්මා ඔක්කොම ලස්සනට කියනවා.
ඉතිං ඒකයි මම කියන්නේ කුඩු සල්ලි වලින් යැපෙන නීතීඥවරු සෙට් එකක් ඉන්නවා. අවාසනාවට අපි ඔහොම කියුවහම මේක ඔක්කෝම නීතීඥවරුන්ට වැදෙනවා. එහෙම වෙන්න ඔ්නේ නෑ. මොකද බොහෝම නීතීඥවරු ඉන්න මේ රටේ ඉතාම සුළුම සුළු පිරිසක් තමයි මේ දේ කරන්නේ.
අනිත් නීතීඥ මහත්වරු ඉන්නවා කුඩු නඩුවක් ආවොත් භාර ගන්නේ නෑ. මිලියන කොච්චරක් ගෙවන්න හැදුවත් බාර ගන්න නැති උදවියත් ඉන්නවා.”


