Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම කලඹවමින් ලොවපුරා රටවල් රැසක මහා පරිමාණයේ IT දෝෂයක්

2 years ago

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතර ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන ඇතුළත් බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කරන්නේ මෑත කාලීනව CrowdStrike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් දැඩිම බලපෑම සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියාවට වන අතර ඉන්දියාව, ජපානය, කැනඩාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ද, මින් බලපෑම් එල්ලවී තිබෙනවා.