Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණ ඇමතිගේ කතා පුස්සක් වෙයි! ජනපති නියමයෙන් 22 ගැසට් කරයි!

2 years ago

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ගැසට් කර තිබෙනවා.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන්.

ඒ අනුව අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ එය ගැසට් කිරීමෙන් වළකින ලෙසට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) නිවේදනය කර තිබියදියි.