Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට! 39ක් මරුට! රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලත් ගිනබත් කරයි!

2 years ago

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මියගිය ගණන 39 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගැටුම් වලින් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

බංගලාදේශ රජය විසින් විරෝධතා පාලනය සඳහා අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති බව සඳහන්.

බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය බදාදා සිට විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු දහස් ගණනක පිරිසක් එරට විරෝධතා ආරම්භ කළේය.

විරෝධතාකරුවන් විසින් ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.

ගිනි තබන අවස්ථාවේ එහි එක් ගොඩනැගිල්ලක් තුළ බොහෝ සේවකයින් පිරිසක් සේවයේ නිරතව සිට ඇති අතර ඔවුන්ව බේරා ගැනීම සඳහන් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව සඳහන්.