කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට පොලිස් වසමට අයත් පුස්සැල්ල ප්‍රදේශයේ අද (19) මෝටර් රථයක් මාර්ගය හරහා පෙරැළි අනතුරට ලක් වී තිබෙනවා.
රියදුරුට නින්ද යාම හේතුවෙන් පාර දෙපස තිබු ගලක වැදි මොටර් රථය පාර හරහා උඩුකුරුව පෙරළී ගොස් තිබුණා.
පොලිසිය පවසන්නේ, කුරුණෑගල ප්‍රදේශයේ සිට කුරුවිට ඒදණ්ඩවල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට පැමිණෙමින් සිටි යුවලක් රථයේ ගමන් කරමින් සිටි බවයි.
රථයේ පැමිණි දෙදෙනා ආසන පටි පැළඳ සිටිම හේතුවෙන් අනතුරින් ඔවුන්ට තුවාල සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කළා.


