Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුලතිව් බස් රථ අනතුරින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 64 දක්වා ඉහළට

2 years ago

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගංගෙයි පාලම අසලදී බස් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් මූතුර් මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ සිට කතරගම බලා වන්දනා නඩයක් රැගෙන ගමන් කළ බස් රථයකුයි.

පොලිසිය සඳහන් කළේ රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව බස් රථය පෙරළී ගොස් ඇති බවට සැක පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.