බංග්ලාදේශය සිසු විරෝධතා අතරතුරදී මියගිය පිරිස 105ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මරණ ගණන නිශ්චිත නොවන අතර එය ඉහළ අගයක් ගත හැකි බවය.
බහුතර මරණ ගණනක් සිදුවී ඇත්තේ පොලිස් ප්‍රහාරවලින් බව සඳහන් ය.
මේ අතර, බංගලාදේශය පුරා පැතිර යන ප්රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම දරුණු වීම හේතුවෙන් මුළු රටටම ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
විරෝධතා පාලනයට හමුදාව යෙදවීමටද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, මධ්‍යම බංග්ලාදේශයේ නර්සින්ඩි දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදුණු ශිෂ්‍ය විරෝධතා කරුවෝ එම ස්ථානයට ගිනි තැබීමට පෙර එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, රැඳවියන් සංඛ්‍යාව කොපමණ දැයි නොදනින නමුත් එය සිය ගණනක් වනු ඇති බවයි.
සිසු විරෝධතා සඳහා බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ද සහාය පළකර ඇති අතර ඔවුන්ට සහාය වන ලෙස විපක්ෂය රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.
විරෝධතා අවසන් කිරීම සඳහා රජය සහ විරෝධතාකරුවන් අතර මෙතෙක් පැවති සියලුම සාකච්ඡා අසාර්ථකවී ඇත.


