Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

14 හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් දූෂණය කළ අයෙක් ඉන්දියාවට පැන යයි

2 years ago

මුලතිව් මුල්ලියාව ලෙයි ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් රවටා බලහත්කාරයෙන් දූෂණය කළ පුද්ගලයෙකු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි මුල්ලියාවලෙයි පොලිසිය පවසනවා.

එම තරුණයා මුල්ලියාවලෙයි ප්‍රදේශයට පැමිණ තැන් තැන්වල කුලී වැඩ කරමින් සිට ඇති අතර, දැරිය පාසල් යන අතරවාරයේ ඇයව මිතුරු කරගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

දැරිය තමන්ට අසනීප බව පවසා ආපසු නිවසට පැමිණීමෙන් පසුව මව ඇයව ප්‍රතිකාර ලබාදීම පිණිස මුලතිව් රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයාට ඇයව දූෂණය වී ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසුව වෛද්‍යවරයා ඒ බව රෝහලේ පාලාන් අධිකාරිය හරහා පොලිසියට පමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

දැරියගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත පොලිසිය සැකකරු පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ ඔහු ඉන්දියාවට පලා ගොස් තමිල්නාඩු ප්‍රදේශයේ සිටින බවයි.

ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා මුලතිව් අධිකරණයෙන් පොලිසිය නියෝගයක් ලබා ගෙන එම නියෝගය තමිල්නාඩුව වෙත යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දැරියව රජයේ පරිවාස මධ්‍යස්ථානයක් වෙත භාර කොට ඇත.