Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය සේවකයින්ට රතු එළියක්

2 years ago

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හැටන් දුම්රිය ස්ථනය සතු භූමියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්තුමේන්තුවේ අදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මීට පස්සේ දුම්රිය වර්ජන නෑ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් ඒක සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. ලංකාවේ නීතියට ගරු නොකිරිම මත රටේ නීතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ.“