Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ ප්‍රකාශයට ජයම්පති වික්‍රමරත්න හැරෙන තැපෑලෙන් පිළිතුරු දෙයි

2 years ago

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයේ සිට වසර 5 දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය වූ බැවින් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ (19) ගාල්ලේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ජයම්පතී වික්‍රමරත්න මහතා අද (20) ප්‍රතිචාර දක්වා ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලද අතර ඊට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න මහතා ද සම්බන්ධව සිටියේය. 

ඊයේ ගාල්ලේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ජයම්පතී වික්‍රමරත්න මහතා අතින් පළපුරුද්ද නොමැතිකමින් සිදුවූ අත්වැරැද්දක් ලෙසය. 

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණි. 

සිය මාධ්‍ය නිවේදනය මගින් ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ, 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදුකිරීමට එවක ආණ්ඩුව තීරණය කර තිබූ බවය.