දීඝවාපි පොලිස් මුරපොළ අසල නවතා තිබූ ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් ඊයේ (19) අලුයම 3.50ට පමණ හදිසියේ ගිනි ගෙන තිබෙනවා.
මෙසේ ගිනි ගෙන ඇත්තේ ප්ලාස්ටික් බඩු වෙළදාම සඳහා දීඝවාපි රජ මහා විහාරය වෙත පැමිණ තිබූ ලොරි රථයක්.
ලොරි රථයේ හිමිකරු වෙළදාම අවසන් වී රාත්‍රී නින්දට යාමට පෙර ලොරි රථය තුළ මදුරු දඟරයක් දල්වා තිබේ.
විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම මදුරු දඟරය කාඩ්බෝඩ් කැබැල්ලක් උඩට වැටීම හේතුවෙන් ගිනි ගැනීම සිදුවී ඇති බවයි.
අදාළ සිදුවීම හේතුවෙන් ලොරි රථය තුළ තිබූ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී තිබේ.
එම සිදුවීමෙන් ලොරි රථයටද සැලකිය යුතු හානියක් සිදුවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම ගිනි ගැනීමෙන් කිසිවෙකුට තුවාල හෝ කිසිදු ජීවිත හානියක් හෝ සිදුව නොමැති බවයි.


